නිතිපතා පාර්ලිමේන්තු එන්න JO මන්ත්‍රීන්ට MR උපදෙස්
ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිතිපතා පාර්ලිමේන්තු පැමිණිය යුතුයැයි උපදෙස් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් දිනකදී හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට තිබෙන වැදගත්ම ස්ථානය පාර්ලිමේන්තුව බවයි.
සෑම පාර්ලිමේන්තු දිනකදීම මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී තමන්ගේ කණ්ඩායමට වැරදුණු අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුව අමතක කිරීම සැලකිය හැකියැයි සඳහන් කර තිබේ.
ඉදිරියේදී එවැනි දුර්වලකම් හඳුනාගෙන නිවැරදි විය යුතු බවත්,මේ සම්බන්ධව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

popular news
-
Champa Friday, 06 July 2018 08:14 AM
හ්ම්ම්ම්ම්ම්ම්.........කොච්චර ජනප්‍රිය වුනත් ආණ්ඩු කරන්න දන්නේ නැහැ කියලා දුමින්ද කියලා තියෙන්නේ බොරුවක්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
