2020 මහ මැතිවරණය පැවැත්වුන අද දිනයේ සිදුවීම් 117 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා අද (5)පස්වරුවේ කැෆේ සංවිධාන මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩක්‍රියා 6 ක් ඒ අතර වන බවයි.
එම ප්රචණ්ඩ ක්‍රියා වලින් බහුතරය කැෆේ සංවිධානය විසින් මීට ඉහත මෙවර මැතිවරණයේ “හොට්ස්පොට්ස්” ලෙස නම් කළ අක්කරේපත්තු, සයින්ද මරදු, පොතුවිල් සහ කල්මුණේ ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ඒ මහතා පැවසීය. අනිතුත් සිදුවීම දෙක ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබේ.
අනිකුත් පැමිණිලි මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම සහ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ලැබී ඇති බව මනාස් මකීන් මහතා මෙහිදී පැවසීය.
මෙහිදී විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේ සැරිසරමින් ඇතිකළ නීති විරෝධි තත්වය සුවිශේෂි වන බව කැෆේ විධායක අධ්යක්ෂවරයා පෙන්වා දෙයි. එම තත්වය පැවති සාමකාමී මැතිවරණ කාල සීමාව තුළ දක්නට ලැබුණු පිළිකුල් සහගත සිදුවීමක් බව මනාස් මකීන් මහතා මෙහිදී සඳහන් කළේය.