විවිධ රටවලින් තැපැල් භාණ්ඩ ලෙස ශ්‍රී ලංකාවට ලැබුණ විදේශීය පාර්සල් 42000කින් බහුතරයක ලිපින මැකී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ කොවිඩ් 19 හේතුවෙන් ගුවන් හා නැව් ගමන් සීමා වූ බවයි.
කෙසේ වෙතත් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යොමුකළ කන්ටේනරයක තිබූ පාර්සල් බොහෝමයක ලිපින මැකී ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතරින් බෝහෝ පාර්සල් ප්‍රමාණයක් චීනයේ සිට යොමුකර ඇති බවද ඔහු පැවැසීය. එම තැපැල් භාණ්ඩ නැවතත් අදාළ රටවලට යොමුකර කේත අංකය (බාකෝඩ්) හරහා ලිපින තහවුරු කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.