නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා පියවර
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කර සිටියි.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අද (10) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

popular news
-
Champa Wednesday, 10 June 2020 08:11 PM
නැගෙනහිර පළාතේ පුරා විද්‍යා උරුමයන් කළමනාකරණය කියනව කියන්නේ මොකක්ද? ඉස්සෙල්ල කරන්න ඕනේ බෞද්ධයන්ට අහිමි කරලා තියෙන පුරා විද්‍යා උරුමයන් නැවත ලබා දීම. ජනාධිපති කාර්ය සාධක බලකායට පත් කරලා තියෙන පුරා විද්‍යා කොමසාරිස් ලංකාවේ විවිධ පලාත්වල විශේෂයෙන් උතුරු නැගෙහිර සිංහල බෞද්ධ උරුමයන් අහිමි කරපු එකට වග කියන්න ඕනේ පුද්ගලයෙක්. තමන් joint එකක් ගන්න එක, සිද්ධාර්ථ බුදු වෙලා ගත්ත ආතල් එක වගේ කියල බුදුහිමියන්ට අපහාස කරපු දෙරණේ අයිතිකාරයා මේ කාර්ය සාධක බලකායේ ඉන්න එක සාධාරණීය කරන්නේ කොහොමද? දැනට ඉතුරු වෙලා තියෙන අක්කර 13 ගැසට් එකකින් මුහුදු මහා විහාරයට දෙනවා කියලා පුරාවිද්‍යා දෙපා: කියපු එකට හොඳ වෙලාවට ඉන්දතිස්ස හාමුදුරුවෝ විරුද්ධ වුනා. කලින් ගැසට් කරපු ඒවත් වැරදියි. උතුරු නැගෙනහිර අඟලෙන් අඟලට තියෙන්නේ බෞද්ධ නටබුන්. අතීත මුහුදු මහා විහාරයට අක්කර 10,000ක් විතර තිබිල තියෙනව. යම් ඉඩම් ප්‍රමාණයක් වෙරළ ඛාදනය නිසා අහිමි වෙන්න ඇති. නමුත් ඉතුරු ඉඩම් කෝ? ඒවා නිකම් ඉඩම් නෙමෙයි. ආරම ගොඩක් තිබිලා තියෙනව. හරි නම් පටන් ගන්න ඕනේ එතනින්. මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවුක හමුදා ඒකකයක් පිහිටවපු එක හුඟක් අගය කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

