නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවස අසලින් ඊයේ (05දා) අත්බෝම්බ දෙකක් සොයා ගෙන තිබේ.
මඩකලපුව ආණ්ඩුකාර නිල නිවසේ රථවාහන ගාල් කරන ස්ථානයේ තිබී ඊයේ මෙම අත්බෝම්බ දෙක පවිත්ර කරන පුද්ගලයෙකු විසින් දැක තිබේ.
පසුව අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකා සෙබළු අදාළ බෝබම්බ දෙක නිෂ්ක්රීය කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.
මඩකලපුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජවුවර් ඛාන් - මඩකලපුව