නාවික හමුදාවෙන් බිලියන 10ක හෙරොයින් අත්අඩංගුවට
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ දක්වා කාලය තුළදී නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 763ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන දහයකට (10) අධික බවත්, ඊයේ (03දා) දිනයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට අධික බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
නාවික හමුදාව ඇතුළු සමස්ත ආරක්ෂක අංශ විසින් මේ වසරේ ජනවාරි පළමුවැනි දින සිට ඊයේ (03දා) දිනය දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ එක්දහස් හයසිය තිස් අටයි ග්‍රෑම් 397ක් (1638.397) අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඊයේ නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දෙසිය විසි හතරකට අධික ප්‍රමාණය පකිස්තානයේ සිට මෙරටට එවා තිබෙන බවට සැක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
popular news
-
Kumar Monday, 04 November 2019 10:53 PM
ඔය අත්අඩංගුවට.ගන්න මත් කුඩුවලට මොනවද කරන්නෙ. පිට රට පටවනවද.එසේත් නැතිනම් ලංකාව තුල විකුණනවද? විනාශ කරන අවස්ථාවක් ගැන අහල නම් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
