හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත්කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
වරාය අමාත්‍යාංශයේ අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
චීනය සමඟ අත්සන් කළ අවුරුදු 99 බදු ගිවිසුම් කාලය අවසන් වනතුරු නාවික හමුදාවේ සේවය ලබාගන්නා බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
නාවික හමුදාවේ විශාල නැව් නැංගුරම් ලෑමට එම වරායේ ජැටිය ප්‍රමාණවත් නොවන බැවින් වරාය ආසන්නයේ ගැඹුරු ස්ථානයක නව ජැටියක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බවද ඇමතිවරයා පැවසීය.
හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ කැසිනෝ ඇතුළත් විනෝදකාමි නගරයක් ඉදිකිරී සඳහා චයිනා මර්චන්ට් පෝට් සමාගම ඉල්ලා නැති බවත්, එම සමාගම සමග එවැනි සාකච්ඡාවක් නොපැවැත් වූ අතර , ඒ සම්බන්ධව පළවන වාර්තා අසත්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
