නාමල් බේබි ඩිෆෙන්ඩර් රථ වටකරගෙන - හරීන්
ආණ්ඩුවේ යථාර්තය නොවැම්බර් 16න් පසුව එළියට ඒමට පටන්ගෙන ඇති බවත් ඡන්දය දුන් 69 ලක්ෂයට දැන් සතුටුද යනුවෙන් ප්‍රශ්න කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“බයිලා කාරයන්ගේ බයිලා වැඩ විනාඩියෙන් විනාඩිය නොවැම්බර් 16න් පස්සේ ඇත්ත යථාර්තය එළියට එන්න පටන් අරගෙන තිබෙනවා.
දැන් අපි දකිනවා නාමල් බේබි ඉස්සර වගේ පන්සල්වල පේන්ට් ගාන්නේ නෑ. පා පැදි වල යන්නේ නෑ. කල්දේරන් කරේ තියාගෙන යන්නේ නෑ.
දැන් ආයෙත් යන්නේ ඩිෆෙන්ඩර් රථ වට කරගෙන. දැන් 69 ලක්ෂය සතුටු විදින්න ඕන දැන්.
දැන් අපි 69 ලක්ෂයෙන් අහනවා සතුටුයිද දැන්? රතු ලූණු ගෙඩියට, තක්කාලි ගෙඩියට රාජපක්ෂවරුන්ගේ වියදම් එකතු වෙන නිසා දැන් සතුටු වෙන්න ඕන.”
popular news
-
Deepal Nirosh Wednesday, 11 March 2020 11:09 AM
ඇත්තටම පව් මහත්තයො, තමුන්ලට වගේ නාමල් බේබිලට උපන්දා ඉඳලම ඩිෆෙන්ඩර්වල යන්න වාසනාවක් තිබුණෙ නැහැනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
