සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ මහතා තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද (10) පැවසීය.
අද (10) බලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.
තමාගේ තීරණය පක්ෂ මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමට ඊයේ ලිඛිතව දැනුම් දුන් බවද ඔහු සඳහන් කර සිටියි.
