නාපෝලි නගර සභාවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පසුගියදා (15දා) එරටදී පැවති මැතිවරණයකට ඉදිරිපත් වූ හලාවත පදිංචි මිහිඳුකුලසූරිය විරාජ් ප්රසන්න මහතා එයින් ජයග්රහණය කිරීමට සමත් වී තිබේ.
දකුණු ඉතාලියේ ප්රධානතම නගරයක් වන නාපෝලි නගර සභාවට මෙලෙස ලාංකික නියෝජනයක් පළමුවරට පත්වී තිබෙන බව එරට ආරංචි මාර්ග පවසයි.
මෙම ජයග්රහණයත් සමග නාපෝලි නගරයේ ජීවත්වන අසූදාහකට අධික විදේශිකයන් මෙන්ම දහ අටදාහක් පමණ වන ශ්රී ලාංකිකයන්ගේ සියලුම ආකාරයේ ගැටලු සුබ සාධනය සම්බන්ධයෙන් නාපොලි නගරාධිපතිවරයා හා නගර සභාව දැනුම්වත් කිරීමේ වගකීම විරාජ් ප්රසන්න මහතාට හිමිව තිබේ.
නාපොලි නගරයේ නීත්යනූකූලව ජීවත්වන සියලුම විදේශිකයන් හා නාපොලි නගර සභාවේ ලියපදිංචිව සිටි විදේශිකයන් මෙම ජන්ද විමසීමට සුදුසුකම් ලබා තිබුණි.
දෙදරු පියෙකුවන විරාජ් ප්රසන්න මහතා තම පවුලේ සමාජිකයන් සමග එරට ජිවත්වන අතර මෙයට වසර 18කට පෙර ඔහු ඉතාලියේ රැකියාවකට ගොස් තිබේ.
නාපොලි නගරයේ ජීවත්වන ලාංකිකයන්ගේ හා විදේශිකයන්ගේ සියලුම ආකාරයේ ගැටලු සඳහා මැදිහත්වී උපරිම අවංක සේවයක් කිරිම තම අරමුණ බව විරාජ් ප්රසන්න මහතා අප සමග සම්බන්ධවෙමින් පැවසීය.
නයිනමඩම - චන්දන ප්රනාන්දු