හිඟයකින් තොරව සහල් සැපයීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශකයන් වන ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සහල් ඉන්දියාවේ පට්ටභි ඇග්‍රෝ ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 436 බැගින් සහ ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 465ක මිලක් යටතේ මිලදී ගැනීමට සාකච්ඡා කර තීරණය කර ඇති බවද වාර්තා වේ. මෙම මිල ගණන් යටතේ මාස 06ක ණය කාලයක් සහිතව ණයවර ලිපි විවෘත කිරීමෙන් මෙම සහල් තොග ආනයනය කිරීමටද යෝජිතය.
එමෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයට අනුව මියන්මාර රජයෙන් ගෙන්වීමට නියමිත සුදු කැකුළු සහල් මෙට්‍රික් ටොන් 20,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක මුදලකට ගෙන්වීම සඳහා අනුමැතිය ලැබී තිබුණත්, මියන්මාර රජය සමග සාකච්ඡා කර මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 445ක් දක්වා මිල අඩු කර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බවද වාර්තා වේ.