මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
