දිගු කලක සිට පැවති ජනතා අවශ්‍යතාවක් ඉටු කරමින් ගාල්ල, නෙළුව - ලංකාගම දක්වා දිවෙන 18 km ක් වූ මාර්ගයේ ඉදිකිරීම් පරිසර පද්ධතියට හානි නොවන අයුරින් මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම සඳහන් කරයි.
නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරිම් ශ්‍රි ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සිදුකරයි. අධික වැසි සහිත තත්ත්වය පවා නොසළකා ලංකාගම ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉටුකරන මෙහෙවර පිළිබඳ ප්රදේශවාසිහු සිය ස්තූතිය පළ කරන බව ජනපතිගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙයි.
මේ අතර ලංකාගම ජනතාව ඩිජිටල් තාක්ෂණයෙන් බල ගන්වමින් අධිවේගි සහ සුපැහැදිළි ඇමතුම් සේවා ව්‍යාපෘතිය ද සාර්ථකව නිමාකිරීමට සමත්ව තිබේ.
ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම ඊයේ (20දා) සිදු කෙරුණු අතර මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ සිට, කොළඹ සිටි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අන්තර්ජාලය හරහා පළමු සජීවි වීඩියෝ තාක්ෂණ ඇමතුම ලබාගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ඕෂද සේනානායක මහතා වීඩියෝ සංවාදයක නිරත විය.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තාක්ෂණය පදනම් කරගනිමින් අනාගත අභියෝග ජය ගත හැකි දරු පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බවයි.
2021 වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අන්තර්ජාල සහ දුරකථනය පහසුකම් ලබාදෙමින් ඩිජිටල් නවෝදයකට රජය සැරසෙන බව අමාත්‍යවරයා පැවසීය.
කොරෝනා සමයේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමට ඉඩ නොතබා පවත්වාගෙන යාම වෙනුවෙන් ඊ- තක්ෂලාව ආරම්භ කල බව පැවසූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන් ඇතුළු මිලියන 03ක පිරිසක් අද ඊ-තාක්ෂණය සමග සම්බන්ධ වී ඇති බවත් එය රටට ඉතා යහපත් තත්ත්වයක් බවත් කියා සිටියේය.
අගෝස්තු 29 වනදා ලංකාගම ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මාගෙන් ජනතාව කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීය.
සැප්තැම්බර් 04 වනදා කෙටි කාලීන ක්‍රමවේදයක් ඔස්සේ ද, සැප්තැම්බර් 07 වැනිදා මධ්‍යකාලීන උපායමාර්ග ඔස්සේ ද ජනතාවගේ සංන්නිවේදන අවශ්‍යතා ඉටු කෙරිණ.
ව්‍යාපෘතිය සාර්ථකව නිමවා අද නිල වශයෙන් විවෘත කිරීමත් සමග එම ප්‍රදේශයේ අවට සිටින ජනතාවට කිසිදු බාධාවකින් තොරව තමන්ගේ සමීපතමයන් සමග ඉතා ඉහළ සන්නිවේදන සබඳතාවක් ගොඩනගා ගැනීමේ අවස්ථාව උදා වේ.
දිගු කලක සිට පැවති ජනතා අවශ්‍යතාවක් ඉටු කරමින් ගාල්ල, නෙළුව - ලංකාගම දක්වා දිවෙන 18 km ක් වූ මාර්ගයේ ඉදිකිරීම් පරිසර...
Posted by Gotabaya Rajapaksa on Sunday, September 20, 2020