සල්ලි නාස්ති කරනවානම් නැති පදමට බොනවා නම් දරුවෝ ගැන බලන්නේ නැති නාස්තිකාර ජීවිතයක් ගත කරන ගෙදරක් හැදෙන්නේ නැහැ වගේ නාස්තිකාර පාලකයෙක් ඉන්න රටක් හැදෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බදුල්ලේදී අද (23) පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියකදි ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර මහතා,
"නීති කාටත් සාධාරණව තිබෙන්න ඕනෑ. අඹ ගෙඩි ටිකක් වත්තෙන් කැඩුවම හිරේ යනවා . හැබැයි කෝටි ගණන් හොරකම් කරපු ඇමතියා එළියේ ඉන්නේ .
නීතිය සාධාරණ නැහැ . වත්තකට පැනලා පොල්ගෙඩියක් ඇහිද ගත්තම ඒ ළමයා දවස් ගාණක් රිමාන්ඩ් කරනවා .මිග් ප්‍රහාරක යානා වලින් මිලියන 7 ක් ගහපුවම ගෝඨා එළියේ ඉන්නවා . නීතිය සාධාරණ නැහැ .
රටක් ගොඩනගනවානම් ධනය තියෙනවාද , ධනවත්ද බලවත්ද දුප්පත්ද පොහොසත් හේදයකින් තොරව සාධාරණය ඉටුවන පාලනයක් ගොඩනැගිය යුතුයි .
අපේ පොලිස් නිලධාරීන්ට පපුවේ ගහල තියෙන තරුවට තේ ගහල තියෙන පටියට නිසි පිරිදි නීතිය ඉටුකරන්න පුළුවන් රාජ්‍යයක් ඕන . අද එසේ කරන්න පුළුවන්ද ? ඇමතියගේ ගෝලයා අත්අඩංගුවට ගන්න බැහැ . ඇමතිගේ වාහනයක් නවත්වන්න බැහැ . ඇමති වාහනය පරික්ෂා කරන්න බැහැ . හැම එකකටම දේශපාලනය මැදිහත් වෙනවා .
සමහර කාලවල අපට මතකයි ඇමති එනකොට ඕ. අයි. සී පුටුවෙන් නැගිටිනවා . ඕ. අයි. සී පැමිණිලි කරනවා ඇමති ලියාගන්නවා . ඇයි ? මුළුමනින්ම තමන්ගේ ධනය බලය නිසා.
අපේ රටේ පොලීසියේ මහත්වරුන්ට ඔවුන්ගේ ගරුත්වය තමතමන්ගේ රාජකාරියේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක් අප ඉෂ්ඨ කරනවා. ඒක තමයි රට ගොඩනගනවා කියන්නේ .
අධිකරණ පද්ධතියට මැදිහත් වීම් තියෙනවා . නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත්වීම් තියෙනවා .
අන්තවාදයට ඉඩ දෙන්න බැහැ . මේ රටේ කවර වර්ගයක හෝ දෙමළද මුස්ලිම්ද සිංහලද අන්තවාදය ඔසවන්න නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයයි .පලාලි පිහිටලා තියෙන්නේ දෙමළ ජනතාව වැඩිපුර ජීවත්වන ප්‍රදේශයක් .
දෙමළ ජනතාව වැඩිපුර ජීවත්වන ප්‍රදේශවල බෝඩ් වල දෙමළ භාෂාව උඩින් සිංහල භාෂාව යටින් තමයි තියෙන්නේ .යාපනය බස් එකක උනත් බෝඩ් එක තියෙන්නේ දෙමළ භාෂාවෙන් සාධාරණද නැද්ද ? සාධාරණයි .
මොකද ඒ ජනතාව දන්නේ දෙමළ භාෂාව නිසා තේරෙන භාෂාවෙන් මේක ගහනවා . යාපනයේ බස් ශ්‍රී ලංගම බස්වල බෝඩ් එක සිංහලෙන් දාලා හරියනවද? සිංහලෙන් පොඩියට තියෙනවා . දෙමළෙන් ලොකුවට තියෙනවා . ඇයි වැඩිපුර ඉන්නේ දෙමළ ජනයා නිසා . දැන් මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන .
යාපනේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලය තිබෙන්නෙත් ඒ විදියටයි. ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලයේ උඩින්ම තියෙන්නෙත් දෙමළෙන් ගහලා . ඊට යටින් සිංහලෙන් ගහලා .
එතකොට යාපනයට යනකොට උඩින් දෙමළ තියෙනවා . මෙහාට ඇවිල්ලා කියනවා පලාලි ගුවන් තොටුපලේ භාෂාව විනාශ කරලා කියලා . ඇයි සිංහල භාෂාව යටට කියලා සිංහල මිනිස්සු කුද්දනවා .
යාපනේ තියෙන්නේ දෙමළ ඡන්දනේ එහාට ගිහින් දෙමළ භාෂාව උඩින් තියෙනවා . මේ ජාතිවාදය ඒ නිසා මතක තබාගන්න කිසිම ජාතිවාදියෙකුට අපේ රටේ මහජනයාට ආරක්ෂාව දෙන්න බැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .