නවසීලන්තයේදී ඝාතනය කළ ISIS ත්‍රස්තයා ගැන CID තොරතුරු සොයයි
නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහි ඇණුම් සිදුකිරීමෙන් පසුව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා ජාතිකයාගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ 2011 වසරේදී මෙම ත්රස්තවාදියා ශිෂ්‍ය යක් වශයෙන් නවසීලන්තයට ගොස් ඇති බවයි.
සැකකරු පිළිබඳව තොරතුරු වාර්තා කර ගැනීම වෙනුවෙන් ඔහුගේ සමීපතමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අස්.එස්.අයි.එස්. මතවාද සහිත මෙම ත්‍රස්තයාගේ අමානුෂික ප්‍රහාරය ඊයේ සිදුවූ අතර තත්ත්පර 60ක් තුළ සැකකරුව වෙඩි තබා ඝාතනය කිරීමට එරට ආරක්ෂක අංශ සමත්විය.
popular news
-
lankika Sunday, 05 September 2021 01:51 PM
srilankikayata vedi thabu niladariyage thorathuru illa sitiya yuthuya manava himikam kadavi atha gathanaya kara atha ovun katayuthu koranne oya akarayata apita viruddava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

