“More than Post” තේමාව පාදක කරගනිමින් ඔක්තෝබර් මස 09 වන දිනට යෙදී ඇති ලෝක තැපැල් දිනයට සමගාමීව එළැඹෙන තැපැල් සතිය පාදක කරගනිමින් ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 10 දක්වා ජාතික විද්‍යුත් කළමනාකරණ සතියක් ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවත්, මෙම සතියක කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවෙස් වල එකතුවන විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කරනු ලබන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේය.
ඒ අනුව, නිවෙස් වල එකතු වන විද්‍යුත් අපද්‍රව්‍ය තැපැල් සතිය ක්‍රියාත්මක වන කාලය තුළ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා තැපැල් කාර්යයාල පරිශ්‍ර වලට ගෙනවිත් භාර දිය හැකි බවත්, එසේ ගෙනෙන ලද අපද්‍රව්‍ය රඳවා තබා ගැනීමට තැපැල් කාර්යයාල පරිශ්‍රයන්හි ඉඩපහසුකම් නොමැතිනම් අදාළ පළාත් පාලන ආයතනයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල හා සම්බන්ධ වී ස්ථානයක් සූදානම් කරගන්නා ලෙස සියලුම තැපැල් කාර්යයාල වලට උපදෙස් ලබා දී ඇති බවත් මෙහි දී රංජිත් ආරියරත්න මෙහි දී සඳහන් කළේය.