නවසීලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රී ලංකාව බවත්, ඉදිරි වසර 3 ඇතුළත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියේ (26දා) දින නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති 2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදිය.
මෙම සාකච්ඡාවේදි වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදි මෙරටට කිරිපිටි ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිම රජයේ බලාපොරොත්තුව බවයි.
“අපේ රටේ කිරි ගන්න එල ගවයන් ඉන්නේ දෙලක්ෂ පනස්දහසයි. අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් අපි සිදු කරන්නේ 35% යි. අනිත් ඔක්කොම පිටරටින් ගෙන්නේ. එක දවසකට ඇමරිකානු ඩොලර් මිලියන 1 ක කිරි පිටි ගෙනවා. පිටරටවල් වලින් කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා.
අපි මිල්කො සමාගම සමග එකතු වෙලා ගව ගාල ආධාර , අවශ්‍යය කෑම ටික , අවශ්‍යය තණකොල ටික, අවශ්‍යය සියළු දේ ලබා දිලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ බලාපොරෙත්තුව කිරි වලින් ස්වයං පෝෂිත රටක් අවු 3 ක් ඇතුලත් බිහි කරන්න.
මේ රටට කිරි ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා.නවසිලන්තයේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි ශ්‍රි ලංකාව” යනුවෙන් පැවසිය.