නවසීලන්තයේ ගුවන්තොටුපල සේවකයෙක් ඊයේ (20දා) කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආඩර්න් පැවසුවේ මෙම ගුවන් තොටුපොළ සේවකයාට එන්නත ලබාදීමේදී මුල් අවධියේදීම සම්පූර්ණයෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබූ අයෙකු බවයි.
මෙම පුද්ගලයාගේ කාර්යය භාරය වී ඇත්තේ කොවිඩ්-19 පුළුල්ව පැතිරී ඇති රටවලින් ජාත්‍යන්තරව පියාසර කර ඇති ගුවන් යානා පිරිසිදු කිරීමය. නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකට අනුව මෙම සේවකයා ඕක්ලන්ඩ් ගුවන් තොටුපොළේ සේවය කරමින් සිට ඇත.
ඒ අනුව මෙම පුද්ගලයා හුදෙකලා ස්ථානයක තබා ඇති අතර ඔහුගේ සම්බන්ධතා පිළිබඳව සොයා බලමින් සිටින බව නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.