නවසීලන්තයේ කර්මඩෙක් දූපත් කලාපය ආශ්රිතව අද (05දා) අලුයම සාගරයේ රික්ටර් පරිමාණ 8.1ක ප්රබල භූමිකම්පාවක් සිදුව තිබේ.
ඒ අනුව මුලින්ම සුනාමි සයිරන් නලා හඬවමින් වෙරළබඩ කලාපවල ජීවත්වන ජනතාවට ප්රදේශයෙන් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස සඳහන් කළද පසුව එම සුනාමි අනතුරු ඇඟවීම පහත හෙළ තිබේ.
රික්ටර් මාපක 8.1ක ප්රබලතම භූ කම්පනය දේශීය වේලාවෙන් අද (05දා) උදෑසන ප්රදේශයට බලපෑ තුන්වැනි අවස්ථාව බව නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය පවසයි.
කර්මඩෙක් දූපත් නවසීලන්තයේ උතුරු දූපතට සැතපුම් 620ක් ඊසාන දෙසින් පිහිටා ඇත. උතුරු දූපතේ නැගෙනහිර වෙරළ තීරයේ සිට වැන්ගරෙයි දක්වා, මාටාටා සිට ටොලගා බොක්ක දක්වා වකාටානේ සහ ඔපොටිකි සහ මහා බාධක දූපත යන සියල්ලම පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් සඳහා ඇතුළත් වේ.