නවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.
මෙය නවසීලන්තයේ දකුණු දූපත 2020 දී මුහුණ දුන් ප්රබලතම භූමිකම්පාව ලෙස වාර්තා වෙයි.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය ටෙ අනාවු සිට කි.මී.40ක් පමණ උතුරින් හා මිල්ෆර්ඩ් සවුන්ඩ් සිට නිරත දෙසින් සටහන් වෙයි. ඩුනෙඩින්, ක්වීන්ස්ටවුන් සහ ඉන්වර්කාර්ගිල් වැසියන් දහස් ගණනකට මේ භූ කම්පනය දැනී ඇතත් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා නොවෙයි.
මිට දින 9කට පෙර එම ස්ථෘනයෙන්ම භූ කම්පනයක් සටහන් වී තිබුණත් එය සැලකිය යුතු මට්ටමක භූ කම්පයක් බව සඳහන් නොවෙයි.