රට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැකිතාක් අඩුකරන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රොගීන් බැලීමට යාමේදී අත් සේදීම, මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම, මුහුණු ආවරණයක් පැළදීම වැනි කරුණු තරයේ පිළිපදින ලෙසත් ඔහු පවසයි.
නේවාසික රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබා දීම වෙනුවනට සුදුසු ක්‍රමවේ මගින් රෝගිය වෙත ලැබෙන්නට සැලැස්වීමට කටයුතු කළ හැකි බවත් සෞඛ්‍ය සේවා සඳහා ළගම ඇති රෝහල වෙත යොමුවන ලෙසත් ඔහු වැඩිදුටත් පවසයි.