අඹගමුව, කොත්මලේ හා නුවරඑළිය යන ප්ර‘දේශවලට පවතින වැසි නිසා එම ප්ර‘දේශවල පිහිටි කඳු නාය යාම හා පස් කණ්ඩි කඩාවැටීම සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
එම ප්ර‘දේශවලට අද (13දා) සවස 1.00න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 75ක් ඉක්මවා වැසි ලැබී තිබෙන බවද එම ආයතනය පෙන්වා දෙයි.
මේ නිසා කඳු නාය යාම, ගල් පෙරලීම, පස්කණ්ඩි කඩා වැටීම, පොළව ගිලාබැසීම සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳ ජනතාව අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටින බවත් එම ආයතනය පවසා සිටියි.
නාය යාම් ලක්ෂණ දුටු වහාම ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත්, මෙම අනතුරු ඇඟවීම හෙට (14දා) දහවල් 1.00 දක්වා වලංගු බවද එම ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.