නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා පළමු අදියරේ සයිනොෆාම් එන්නත් 50000 ක් ලබාදී ඇති බවත් එන්නත්කරණය ආරම්භ කරන ලද අද (09) දිනයේදී 3000ක පිරිසකට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන අද (09) දිනයේ නුවරඑළිය ගාමිණී ජාතික පාසලේදී ආරම්භ වු අතර එම අවස්ථාවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා එසේ කීය.
අත්‍යවශ්‍ය සේවාවවන්වල යෙදෙන රාජ්‍ය සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු කේෂ්ත්‍ර රාජකාරිවල නිරත පුද්ගලයන්ට මුල් අදියර යටතේ එන්නත් ලබාදීමට සැළැසුම් කොට ඇති බවත් ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිලධාරීන් 3000 කට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා කීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, වලපනේ, හඟුරන්කෙත හා කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අත්‍යවශ්‍ය සේවාවල නිරත නිලධාරීන්ට එන්නත් ලබාදීම හෙට (10) දින සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් ඉන් අනතුරුව තෝරා ගත් ග්‍රාම නිලධාරී වසම්වල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබා දීම අනිද්දා (11) දිනයේ සිට සිදු ආරම්භ කිරීමට සැළැසුම් කොට ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ