නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් අද දින උදැසන වන විට ලැබි ඇති වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු හදුනා ගැනිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 5960 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු මෙම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්තා වන දින උදැසන ලැබිමෙන් පසු මෙම ආසාදිතයන් අඹගමුව, වලපනේ, නුවරඑළිය, නව තිස්පනේ, ලිදුල, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 4382ක්ම අලුත් අවුරුද්දෙන් පසුව හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ හමුවන ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.
මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සමස්ත කොවිඩ් ආසාදිත මරණ 85ක් වාර්ථාවි ඇති බවත් එම මරණ අතරින්ද කොවිඩ් ආසාදිත මරණ 73ක්ම අලුත් අවුරුද්දෙන් පසුව වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා