නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 128 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5214 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අද දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 46ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 31ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 11ක්, රාගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 09ක්,නව තිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 08ක්,නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 12ක්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 11ක් වශයෙන් හමුව ඇති බවත්ය.
මෙසේ හමුව ඇති සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 75ක් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා