නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත ලබාදිම නිල වශයෙන් (09) දින ආරම්භ කෙරිණ.
නුවරඑලිය ගාමිණි ජාතික විද්‍යාලයේ මුල් අදිරය යටතේ එන්නත් කිරිම ආරම්භ කරනු ලැබුහ.
නුවරඑලිය දිස්ත්‍රික්කයට ලද සයිනොෆාම් එන්නත් පනස්දහසක් ලැබි ඇති අතර ,එම එන්නත් වලින් (09) දින කොවිඩ් මර්දනයේදි සක්‍රිය දායකත්වයක් සපයන ග්‍රාමසේවා නිලධාරින්, පොලිස් නිලධාරින් , ක්ෂෙත්ර නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකට එන්නත් කිරිම සිදු කරනු ලැබුහ.
ග්‍රාමසේවා නිලධාරි වසම් මට්ටමින් ලබන (11) දින සිට කොවිඩ් මර්දන එන්නත ලබාදිමට සැලසුම් කර ඇති බවත්,දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් අවධානමක් ඇති ග්‍රාමසේවා නිලධාරි වසම් වල අවු 60 වැඩි පිරිස් සදහා කොවිඩ් මර්දන එන්නත ලබාදිමට සැලසුම් කර ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා කියා සිටියේ.