නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අදදින උදැසන ලැබුන වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 198 දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 5744ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දින කිපයකදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂණ වාර්ථා මත අඹගමුව, බගවන්තලාව, කොටගල, නව තිස්පනේ, රාගල, නුවරඑළිය, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ 82ක් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා