නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින උදැසන ලැබුණ පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 138 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5546 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා 11වන ලැබිමත් සමග බගවන්තලාව, අඹගමුව, රාගල, නුවරඑළිය, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩි ආසාදිතයන් පිරිසක් වතු ආශ්‍රිතව හමුව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්රික්කයෙව් සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 81ක් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා