නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 88 කු අද (10) දින පස්වරු 4.00 වනවිට හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5430 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව අඹගමුව 1037 කු, බගවන්තලාව 676කු, හඟුරන්කෙත 383 කු, කොටගල 313කු, කොත්මලේ 458 කු, ලිඳුල 339 කු, මස්කෙළිය 260 කු, මතුරට 128 කු, නුවරඑළිය නගර සභා සීමාවේ 365 කු, නව තිස්පනේ 388 කු, නුවරඑළිය 456 කු, රාගල 328 කු හා වලපනේ 299 කු වශයෙන් මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයන් හමුව ඇතැයි එම නිලධාරීහු පවසති.
අද (10) දිනට වාර්තා වු කොවිඩ් වෛරසය ආසාදිත නව රෝගීන්ගෙන් 55 කු අඹගමුව, 11 කු බගවන්තලාව, හතර දෙනෙකු කොටගල, දෙදෙනෙකු ලිඳුල, පස් දෙනෙකු මස්කෙළිය, හය දෙනෙකු මතුරට,හතර දෙනෙකු නුවරඑළිය, එක් අයෙකු රාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් හමුව ඇතැයිද ඔවුහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් සමස්ත මරණ සංඛ්‍යාව 80 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ