නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ තවත් විශාල බළලුන් හත්දෙනෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක බව (පොසිටිව්) පරීක්ෂා කර තිබේ.
සත්වෝද්‍යානය පවත්වාගෙන යන ලාභ නොලබන සංවිධානය වන වනජීවී සංරක්ෂණ සංගමය මෙය තහවුරු කරයි.
ඒ අනුව නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ සත්වෝද්‍යානයේ කොරෝනා වෛරසය වැළඳුණු විශාල බළලුන් සංඛ්‍යාව 8ක් බවට පත්ව තිබේ.
මෙම අප්‍රේල් මස මුලදී කොටින් තිදෙනෙකු සහ අප්‍රිකානු සිංහයන් තිදෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර සත්වෝද්‍යානය විසින් නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කරන ලදී. ඒ අනුව විශාල බළලුන් හය දෙනා පරීක්ෂා කිරීමෙන් දැන් සනාථ වන්නේ ඔවුන් සතුව කොවිඩ් -19 ඇති බවයි. රෝග ලක්ෂණ නොපෙන්වා තවත් එක් ව්යාඝ්රයෙකුද ධනාත්මක බව පෙන්වා තිබේ.
සත්වෝද්‍යානය පවසන්නේ සතුන් අටදෙනාම සාමාන්‍යයෙන් හැසිරෙන බවත් හොඳින් ආහාර ගන්නා බවත්ය. කෙසේ වෙතත් විශාල බළලුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පැහැදිලි නැතත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් එය ආසාදනය වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.