ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට කෝවිඩ් -19 හි සංකූලතා හේතුවෙන් සාමාජිකයන් 43 දෙනෙකු අහිමි වී ඇති බව NYPD හි දෛනික කොරෝනා වාර්තාව පවසයි.
අවසන් වරට මියගොස් ඇත්තේ වසර 30කට වැඩි කාලයක් නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ පාසල් ආරක්ෂණ නියෝජිතයෙකු ලෙස සේවය කළ ඩොරිස් කිර්ක්ලන්ඩ් ය.
මේ දක්වා, NYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලැබීමෙන් පසු පූර්ණ කාලීනව සේවයට පැමිණ ඇති බවද වාර්තාවේ දැක්වේ.
සෙනසුරාදා දිනයේ NYPD හි නිල ඇඳුම් ලත් නිලධාරීන් 2.6%ක් හෙවත් සාමාජිකයින් 926ක් අසනීප තත්ත්වයන් නිසා සේවයට වාර්තා කර නොතිබුණි.
මේ වනවිට එහි නිල ඇඳුම් ලත් නිලධාරීන් 80 දෙනෙකු සහ සිවිල් සාමාජිකයන් 19 දෙනෙකු කොරෝනා ආසාදිතව ප්රතිකාර ලබන බව කියයි.