ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආශ්රිත මරණ වැඩිවීමක් ගෙවුණු සෙනසුරාදා දිනයේ වාර්තා වූ බව ආණ්ඩුකාර ඇන්ඩෘ කියොමෝ පවසයි.
ඊයේ (24දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ගෙවුණු පැය 24ක් තුළ ප්‍රාන්තයේ මරණ 109ක් වාර්තා වූ බවයි.
"මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එය භයානක ප්‍රවෘත්තියක්. නමුත් සමස්ත රේඛාව තවමත් හොඳ මට්ටමක තිබෙනවා. ඒ වුණත් ආදරණීයයකු අහිමි වූ පවුල් 109ක්. ඔවුන් අපගේ හදවත් තුළ හා යාඥාවන් සමග සිටිනවා" ඔහු පැවසීය.
මැයි 22 වැනි දින කොවිඩ් -19 මරණ 84ක් පමණක් නිව්යෝක් ප්‍රාන්තයෙන් අහිමි වූ අතර, එය මාර්තු මාසයේ සිට මරණ 100කට වඩා අඩුවූ ප්‍රථම අවස්ථාව බව පැවසූ ආණ්ඩුකාරවරයා, එය යළිත් 23දා මරණ 109 දක්වා වැඩිවී ඇති බව කීවේය.
නිව්යෝක් ප්‍රාන්තයෙන් මේ වනවිට සමස්ත ආසාදිත මරණ 29,141ක් වාර්තා වන අතර, එය ලෝකයේ මරණ සමග සැසඳීමේදී මහා බ්‍රිතාන්‍යයට සහ ඉතාලියට පසුව වැඩිම මරණ වාර්තා වීමකි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වනවිට 97,711ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,643,098කි. එරට වෛරසය ආසාදිතයන්ගෙන් 366,736 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබේ.