ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා භාර ගත් මාර්තු 17,18 19 තෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉහත දින වල කිසිඳු නීත්‍යානුකුල කටයුත්තක් කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද'ට පැවසීය.
මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ පනත මෙන්ම නිවාඩු පනතද අදාළ වන බව පවසන කිරිඇල්ල මහතා නිවාඩු පනතේ 364 වන පරිච්ජේදයේ 5 වන වගන්තියට ඇතුලත් කර තිබෙන ඩියෙස් නොන් (dies Non) යන ලතින් වචනයේ නීති ශබ්දකෝෂයේ අර්ථ දැක්වීමට අනුව කිසිඳු නිත්‍යානුකුල ක්‍රියා මාර්ගයක් නිවාඩු දින වල ගැනීමට නොහැකි බව පැහැදිලිව සඳහන් කර ඇති බව ද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මහජන නිවාඩු දිනයකදී නාමයෝජනා භාර ගැනීම වැනි කටයුත්තක කිසිඳු වලංගුතාවයක් නොමැති බව ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මේ තත්වය යටතේ මාර්තු 16 දා නිවාඩු දිනයක් වීම හේතුවෙන් නාමයෝජනා බාර නොගැනීම ඒ ආකාරයෙන්ම නිවාඩු දින වන මාර්තු 17,18 සහ 19 දින වලටත් වලංගු වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.