ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවියකට නවකවදය ලබාදීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන එම ආයතනයේ ඉගෙනුම ලබන දෙවැනි වසරේ සිසුවියන් සිවු දෙනෙකු හා සිසුවෙකු අද (21දා) අක්මීමන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පළමු වසරේ සිසුවිය විසින් ඉකුත් 19 වැනිදා අක්මීමන පොලීසියට කරනලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. පරුෂ වචනයෙන් බැණවැදී අමානුෂික ලෙස වදහිංසාවලට ලක්කිරීමේ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට පැමිණිලි කළ සිසුවිය බෙලිඅත්ත ප්රදේශයේ පදිංචිකාරියකි. අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජිනේෂ් නානායක්කාර
