මිට වසර හතරහමාරකට පමණ ඉහතදි නාවික හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙකු ඊයේ (30) රාත්රී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය පවසයි.
හික්කඩුවේ පැවති සංගිත සංදර්ශනයකදි සැකකරු බිමත්ව සිටියදි සැකපිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසිය මගින් සැකකරුවකු අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔහු පිළිබද තොරතුරු ලබා ගැනිම සදහා යොදා ගන්නා ඒ.එම්.එස් අයි ක්රමය මගින් මොහු පිළිබද තොරතුරු ලබාගෙන ඇත. එහිදි සැකකරු නාවික හමුදාවෙන් පළාවිත් සිටි අයෙකු බව අනාවරණය වි ඇත.
සැකකරු 24 හැවිරිදි වියේ පසුවන දොඩන්දුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු නාවික හමුදාවෙන් පළාවිත් මුහුදු රක්ෂාවේ යෙදි සිට ඇති බව පොලීසිය පවසයි. පොලීසිය විසින් සැකකරු නාවික හමුදාවට භාරදිමට පියවර ගෙන ඇත.