නාවික හමුදාව කොවිඩ් - 19 මර්දනය කිරීමේ මෙහෙයුම් වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා සහ පුවත් වෙබ් අඩවි කිහිපයක අසත්‍ය තොරතුරු පලකර ඇති බවත් එවා අසත්‍ය පුවත් බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තබේ.
කොවිඩ් - 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුල නාවික හමුදාව විසින් සිදු කරන කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවත්, ඒ සියලු කටයුතු සඳහා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බවත් ඔවුහු අවධාරණය කරති.
එමෙන්ම මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පල කරන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති බව වැඩිදුරටත් දැක්වේ.