නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මේ මස 18 වැනිදා වයස අවුරුදු 55 සම්පූර්ණ කළද, ඔහු විශ්‍රාම යෑමක් හෝ සේවා දිගුවක් ලබාදීම පිළිබඳ ස්ථිර සඳහනක් නැතැයි නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සඳහන් කරති.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පසුගිය 18 වැනිදා වසය සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගත්තේ නම් නාවික හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුට නාවික හමුදාපති ධුරය හිමිවන බවද එම පිරිස් පෙන්වා දෙති.
එහෙත් නාවික හමුදාපතිවරයා මෙතෙක් නිල වශයෙන් විශ්‍රාම ගැනීමක් සිදුව නැති බවත් එහෙත් ඔහුට ජනාධිපතිවරයා විසින් සේවා දිගුවක් ලබාදී ඇති බවට ද මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවී ඇති බවත් නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.