ආරක්ෂක ලේකම් මේජන් ජනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුරක්ෂිත රටක්, විනය ගරුක, නීති ගරුක හා ගුණ ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන කාර්ය සාධක බලකායට නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මෙම කාර්ය සාධක බළකායේ සමාජිකයෙක් වූ අතර ඔහු නාවික හමුදාවෙන් විශ්රාම ගැනීම හේතුවෙන් නව නාවික හමදාපතිවරයා එම කාර්ය සාධක බළකායට පත්කර තිබේ.
මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්රය ජනපති ලේකම්වරයා විසින් ප්රකාශයට පත්කර තිබේ.