නාවික හමුදා සහායෙන් බීඩිකොළ කිලෝ 65ක් අත්අඩංගුවට
- 12 11 2019
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාව විසින් ඊයේ (11) දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්රෑම් 65.35ක් සොයා ගැනීමට සමත්ව ඇත.
උතුරු නාවික විධානය විසින් මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුර ජලයේ යටවි තිබූ සැක කටයුතු පාර්සලයක් නිරික්ෂණය කර ඇත.
එහිදී එම පාර්සලය පරික්ෂා කිරීමේදී එහි තුළ තිබි මෙම බීඩී කොළ තොගය සොයා ගැනීමට සමත්ව ඇති අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.
තවද, පසුගිය දින කිහිපය පුරාම නාවික හමුදා මෙහෙයුම් ක්රියාත්මක කර බීඩි කොළ විශාල ප්රමාණයක් මෙන්ම ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සමත්ව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
