ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි අභිරහස් ලෙස පැතිර ගිය කොවිඩ්-19 පොකුරට ප්‍රතිචාර දැක්වීම සඳහා සිඩ්නි වෙරළ තීර 20කට ආසන්න ප්‍රමාණයක් වසා දමා තිබේ.
නිව් සවුත් වේල්සි හි සර්ෆ් ලයිෆ් සේවිං ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් පියර්ස් පැවසුවේ උතුරු වෙරළ තීරයේ පදිංචිකරුවන්ට ඉදිරි දින කිහිපය තුළ නිවසේ රැඳී සිටින ලෙස රජය කළ ඉල්ලීමට සහාය දෙන බවයි.
"කරුණාකර වෙරළට නොයන්න, වෛරසය පැතිරීමේ අවදානම සීමා කිරීමටත්, ආරක්ෂිතව සිටීමත් නිසා වෙරළ තීරයේ මුර සංචාරයක් සිදුනොවනු ඇති, කෙසේ වෙතත් ජීවිතාරක්ෂකයන් නිරීක්ෂණ හැකියාව පවත්වා ගෙන යයි" ඔහු පැවසීය.
සිකුරාදා වන විට තහවුරු කරන ලද කොවිඩ් -19 සිද්ධීන් 28 ක් සහිත පොකුර, දෙසැම්බර් 3න් පසු නිව් සවුත් වේල්ස් හි දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් ලෙස සලකුණු විය.
සිකුරාදා කොවිඩ්-19 සඳහා පරීක්ෂා කරන ලෙස නිව් සවුත් වේල්ස් හි වෙරළබඩ පදිංචිකරුවන්ට පමණක් නොව සියලුම පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
"හිසරදය, තෙහෙට්ටුව, කැස්ස, උගුරේ හෝ නාසය අමාරුව වැනි මෘදු රෝග ලක්ෂණ පවා ඇති ඕනෑම අයෙකු වහාම පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්න, සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් හුදෙකලා වන්න. මෙම ආසාදනවල ප්රභවය විමර්ශනය කරමින් පවතිනවා. ජානමය අනුක්‍රමණය මගින් එක්සත් ජනපද සම්භවයක් ඇති බව පෙන්නුම් කරනවා." නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් කියයි.