අංගසම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත ඉදිරි මාස 06ක කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.
එම පෙරමුණ සඳහන් කර සිටින්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් අදාළ මූලික කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
එළඹෙන මස අවසනදී හෝ නොවැම්බර් මස මුල් සතියේදී 2020 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඒ අනුව ඊට ප්‍රථම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා බවත් සඳහන් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථම රට තුළ ස්ථාපිත තත්ත්වය ඇති කිරීම මිස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා %අලුත් යමක්^ සිදු නොවන බවද පවසා සිටියි.