නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට නව කොමසාරිස්වරයෙක්
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලබන තුන්වන ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් විය.
වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ළාබාලතම මහාචාර්යවරයා වන රංගික හල්වතුර මහතා ප්‍රායෝගික නව නිර්මාණ ශිල්පියෙකු ලෙස නිර්මාණකරණයේද යෙදෙන්නෙකි.
එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස මහාචාර්ය දයාල් ප්‍රේමකුමාර ද කොස්තා සහ යසස් චන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.

popular news
-
Champa Friday, 05 April 2019 07:36 PM
Congratulations to Prof. Halwathura. This is the only sensible appointment made by the slave government for the last 4 years. තව එකක් මෙතනම කියන්න ඕනේ. මේ ප්‍රවෘත්තියට මට පොඩ්ඩක් පුදුම හිතුන ඒ මොකොද කිව්වා නම් මම මහාචාර්ය හල්වතුර ගැන හිතුව දවස් කීපෙකට ඉස්සෙල්ල වෙන වැඩකට. මම නිකම් ඉන්න ගමන් අමාත්‍යංශ 20 ක එකක් හදල තිබුන. දවසක් මම කිව්වා ඒ එක ඕනේ කෙනෙකුට දෙන්න පුළුවන් කියලත්. ඒකේ එක ටිකක් වෙනස් අමාත්‍යංශයක නමක් තියෙනවා. ටික දවසකට ඉස්සෙල්ල මම හිතුව ඒකට සම්ප්‍රදායික ක්‍රමයට ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් නැතුව වෙන කොහෙන් හරි තරුණ මොලයක් අමත්‍යංශ ලේකම් විදිහට හිටිය නම් හොඳයි කියල. මට මතක් වුනේ මහාචාර්ය හල්වතුරව. මම කලින් දන්නේ නැහැ. මහාචාර්ය හල්වතුර ගැන දැන ගත්තේ "අද" පත්තරේ පහල "Opinion" කොටසේ තිබ්බ ලිපි වලින්. වහල් ආණ්ඩුව දන්නේ නැහැ මෙතුමාගේ මොලෙන් වැඩ ගන්න. මට පුළුවන් ඇස් වහගෙන ව්‍යපෘති 5ක් මේ මොහොතේම කියන්න..
Reply : 0 0
lion Saturday, 06 April 2019 05:55 AM
මේ දෙදෙනාගෙන් රටට සමාජයට වැඩ daryaka සේවයක් බලාපරොත්තු විය හැක්කේ කාගෙන්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

