නව නිතිපති හා අගමැති අතර හමුවක්
මෙරට නව නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.
නීතිපති ධුරයේ වැඩ භාර ගත් බව සැල කිරීමට පැමිණි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සුබ පැතුම් එක් කළේය.
කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනි ගැනීමට ලක් වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධානය යොමු කළේය.
අදාළ නීතිමය පියවර කඩිනමින් ඉටුවනු ඇති බව කී නව නීතිපතිතුමා, පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකර එම චූදිතයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බවද කියා සිටියේ ය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ , නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන්වන චමින්ද කුලරත්න, ගනේශ් ධර්මවර්ධන මහත්වරු එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

