ශ්රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ බොරතෙල් ප්රවාහන නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කරන ග්රීක ජාතික තිරෝස් හිලියාස් මහතා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්ව තිබේ.
ඒ ඔහුට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසියක් අනුවය.
නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්රීය ආරක්ෂණ ක්රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.