ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපතන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
මාධ්‍ය නිවේදනයක් මගින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර එමඟින් පෙන්වා දෙන්නේ නව ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවටය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සියලු ජනතාවගේ ගැටලු වෙනුවෙන් ජාතිභේද නොසලකා සේවය කළ යුතු බවටත් නව ජනාධිපතිවරයාගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවටද අදාළ නිවේදනයේ පෙන්වා දෙයි.
එමෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයන්ට අනුව ජනවාර්ගික වශයෙන් යම් භේදිමක් පෙන්නුම් කරන හෙයින් සියලු ජනතාවගේ දේශපාලනික, ආර්ථික, සමාජීය, ඇතුලු සියලු ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයාගැනීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවටද එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
