බ්‍රිතාන්‍යයෙන් අනාවරණය වූ කොවිඩ්-19 වෛරසයේ විකෘතියක් බවට පත් නව ප්‍රභේදයටත් ෆයිසර් එන්නත ක්‍රියාකරනු ඇති බව බයෝඑන්ටෙක් හි සම-නිර්මාතෘ උගුර් සහින් කියයි.
කෙසේ වෙතත් අවශ්‍ය නම් සති හයකින් එන්නතද ඊට අවශ්‍ය පරිදි අනුවර්තනය කළ හැකි බවද ඔහු කියා සිටියේය.
"විද්‍යාත්මකව ගත්විට මේ එන්නත මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීම මගින් නව වෛරස් ප්‍රභේදය සමගත් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා" යැයි බයෝටෙක් හි ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ උගුර් සහින් පැවසීය. "නමුත් අවශ්‍ය නම් මේ නව තාක්ෂණයේ විශේෂත්වය අනුව, මෙම නව විකෘතිය, නව ප්‍රභේදය මුළුමනින්ම අනුකරණය කරන එන්නතක් අපට සෘජුවම ලබාදීමට පුළුවන්. එනම් සති හයක් තුළ තාක්ෂණිකව නව එන්නතක් වුවත් අපට ලබාදීමට හැකියාව පවතිනවා."
එක්සත් රාජධානියේ විද්‍යාඥයන් විසින් VUI - 202012/01 ලෙස නම් කර ඇති නව ප්‍රභේදයට ස්පයික් ප්‍රෝටීන සංකේතවත් කරන වෛරස් ජානමය කලාපයේ විකෘතියක් පෙන්නුම් කරන අතර, මෙය කොවිඩ්-19 මිනිසුන් අතර වඩාත් පහසුවෙන් ව්‍යාප්ත කළ හැකි තත්ත්වයක් බව කියයි. එක්සත් රාජධානියේ සමහර මූලික වාර්තාවල දැක්වෙන්නේ ප්‍රභේදය මූලික අනුවාදයට වඩා 40%ත් 70%ත් අතර සම්ප්‍රේෂණය කළ හැකි බවයි.
නව ප්‍රභේදය පිළිබඳව එක්සත් රාජධානිය ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දීමට දිනකට පෙර දෙසැම්බර් 13 වැනි දින වනවිට රට තුළ තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,108ක් බව කියැවෙයි.