ස්පාඤ්ඤය විසින් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය හා සම්බන්ධ ආසාදිතයන් සිව්දෙනෙකු සෙනසුරාදා තහවුරු කරගත් බව එරට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීහු පවසති.
මැඩ්රිඩ් ප්‍රාදේශීය රජයට අනුව, මෙම නව කොවිඩ්-19 ප්‍රභේදය ඉස්මතු වූ එක්සත් රාජධානියේ සිට මෑතකදී ස්පාඤ්ඤය වෙත පැමිණි පුද්ගලයින් මෙම සිද්ධීන් හතරටම සම්බන්ධ වී ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්තවලට අනුව ස්පාඤ්ඤය විසින් තහවුරු කරන ලද සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද (27දා) උදෑසන වනවිට 1,854,951ක් සහ මරණ 49,824කි.