කොවිඩ්-19 ප්‍රභේදයේ සිද්ධීන් කිහිපයක් රට තුළ වාර්තා වීමෙන් පසු එලැඹෙන සඳුදා සිට ජනවාරි අග දක්වා විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීම තහනම් කරන බව ජපාන රජය පවසයි.
ජපාන පුරවැසියන්ට සහ විදේශීය පදිංචිකරුවන්ට තවමත් ඇතුළුවිය හැකි නමුත් ඔවුන්ට දින 14ක ස්වයං නිරෝධායනයක් අත්‍යවශ්‍ය බවද සඳහන් වෙයි.
මෑතකදී එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කොවිඩ්-19 නව ප්‍රභේදයේ සිද්ධියක් සෙනසුරාදා තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යයේ සිට පැමිණි තවත් සංචාරකයින් පස් දෙනෙකුද මෙම නව ප්‍රභේදය සමග අනාවරණය වී ඇත.