නව අධිවේගයේ ඉදිකිරිම් අද සිට
- 7 06 2021
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- ..
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ වේ.
එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිට සූම් තාක්ෂණය ඔස්සේය.
ඊට සමගාමීව කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ද අද ආරම්භ වේ.
මේ යටතේ කොහුවල මංසන්දිය, ගැටඹේ මංසන්ධිය, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ. ගාර්ඩ්නර් මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකෙරෙනු ඇති.
ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝමීටර් 16.4 කින් යුතු නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විතය.
ඒ සඳහා වැය වන මුදල රුපියල් බිලියන 134.9 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

