නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්යාංශනය සඳහන් කරයි.
එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලු පාසල් යථා පරිදි නැවත භාරදීමේ කොන්දේසියට යටත්ව 2019-11-14 වන දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට සහ එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමටත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් ඒ සඳහා යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.
කෂිනි හපුආරච්චි